උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය බටහිරින් ගම්පල නගරසභා බල ප්‍රදේශය හා උඩුනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලින්ද, නැගෙනහිරින් පාතහේවාහැට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, උතුරින් මහනුවර කඩවත් සතර හා ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, දකුණින් කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, මායිම් වී ඇත. උතුරු අක්ෂාංශ 7.10 හා නැගෙනහිර දේශාංශ 80.50 අතර පිහිටා ඇති මෙම බල ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 495 ක උසකින් පිහිටා ඇත.
විශාලත්වයෙන් වර්ග කි.මී. 176.9ක් වන මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී කොට්ඨාශ 61 කින් යුත් අතර එය ගම්පල හා නාවලපිටිය යන මැතිවරණ කොට්ඨාශ දෙකකින් ද උඩපළාත හා දොළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකකින් ද සමන්විත වේ.
එමෙන්ම මෙම බල ප්‍රදේශයේ මුළු ජනගහනය (2019 සංඛ්‍යාලේඛන අනුව) 127717 කි. එයින් වැඩි පිරිසක් සිංහල වන අතර, මුස්ලිම්, බර්ගර් වැනි ජන කොටස්ද ඒ අතර වේ..