උඩපළාත බල ප්‍රදේශයේ ඵෙතිහාසික පසුබිම පිළිබඳ තොරතුරු සැලකීමේදී උඩරට රාජධානි සමය තෙක් තොරතුරු හමුවේ. මෙම බල ප්‍රදේශයට නුදුරින් පිහිටි නියම්ගම්පාය යන ස්ථානයේ පැවැති මහල් ප්‍රාසාදයක් (උඩ + පළා + හත = උඩපළාත) හේතුවෙන් මෙම ප්‍රදේශය උඩපළාත යනුවෙන් ප්‍රචලිත වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ ලක්දිව දිසා 12කින් සහ රටවල් 09කින් සමන්විත වූ අතර ඉන් එක් දිසාවක් ලෙස උඩපළාත සලකයි. එය උනම්බුව දිසාවේ යටතේ පාලනය වූ අතර ග්‍රාමීය කොට්ඨාශ පාලනය කිරීම උදෙසා ආරච්චි වසම් 12ක් සඳහා මුලාදෑනින් 12 දෙනෙක් රාජකාරි කළ බව සඳහන් වේ.
උඩපළාත දිසාවට අයත්වූ ගබඩා ගම් 4කි.
එම යුගයේ මෙම දේවාලයන්හි වාර්ෂික පෙරහැර පවත්වා ඇති අතර පැවති විහාරස්ථාන අතරින් නියම්ගම්පාය විහාරයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පිළිරුව තනා ඇත.
වර්තමානයේ උඩපළාත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පිහිටා ඇති ප්‍රදේශය අතීතයේ අටබාගේ ආරච්චි වසමට අයත්ව පැවති ඇති අතර එදවස මෙහි සාමාන්‍ය වැසියන් හේවායන් ලෙස සැලකෙන අතර ඔවුන් වලව්ව මුර කිරීම හා වෙනත් ආරක්ෂක කටයුතු සදහා යොදවා ඇත. මසකට රිදී 123ක් වූ මාසික ආදායම් රැස්කිරීමේ කටයුතු “ලියන රාළ” ට පැවරී ඇත.
මෙම පාලන ක්‍රමය උඩරට ගිවිසුම මගින් වෙනස් කර ඇති ලිඛිත සාක්ෂි අනුව රට සභාවල ගම් කාර්ය සභා, ගම් සභා යන ක්‍රම අනුව පාලනය ගෙන ගොස් ඇත. 1948 සර්ව ජන ඡන්ද බලය අනුව ගම් සභා ක්‍රමය ක්‍රියාත්මකවීම යටතේ උඩපළාත කොට්ඨාශය තුළ පහත නම් යටතේ ගම් සභා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.
උඩපළාත ගඟ පහළ ගම්සභාව 1929-08-09 දිනැති ලංකාණ්ඩු ගැසට් අංක 7727 යටතේ ස්ථාපිත කර ඇති අතර 1981-06-30 දින එය අහෝසි කර ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් පාලන ආයතන පනතේ විධිවිධාන අනුව උඩපළාතේ ගම් සභා 03ක් සහ සුළු නගර සභාව ඒකාබද්ධ කරමින් බිහිවූ උඩපළාත සංවර්ධන සභාව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් අහෝසි කර උඩපළාත ප්‍රාදේශිය සභාව ස්ථාපිත කර ඇත.