preloader

උඩපළාත ප්‍රාදේශීය සභාවෙන් සලසන සේවාවන්

1987අංක15දරනප්‍රාදේශීය සභා පනතේ අංක 107 වගන්තිය ප්‍රකාරව මෙම බල ප්‍රදේශයේ යම් කිසි ස්ථානයක අනතුරුදායක බව තහවුරු වන ගසක්/ගස් හා එහි කොටස්වලින් පුද්ගලයින්ගේ ජීවිතවලට / දේපළවලට හා ආරක්ෂාවට තර්ජනයක්/ අනතුරුදායක තත්වයක් ඇතිවිය හැකි අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබේ. මෙහිදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා /ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ අනතුරුදායක වන ගස/ගස් හෝ එහි කොටස දින 14ක් ඇතුළත ඉවත් කර නොගන්නේ නම් , එය ඉවත් කර ඒ සඳහා ගිය වියදම ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.

යම් කිසි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පෙර නිකුත් කළ සංවර්ධන බලපත්‍රය හා අනුමත ගොඩනැගිලි සැලැස්ම අනුව අදාළ ඉදිකිරීම් සිදු කර පවතින්නේ නම් අනුකූලතා සහතිකයක් නිකුත් කරන අතර එම ගොඩනැගිල්ලේ පදිංචියට/භාවිතයට පෙර මෙම සහතිකය ප්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතු ය. මේ සඳහ

  • * නිවාස හා නගර සං.ආ.පනතේ 15 (1),(4)
  • * 1982 අංක 4 දරන නා.සං.ආ.පනතේ 8 ඒ(2) වගන්තිය
  • * 1986.3.10 392/9 ගැසට් පත්‍රෙය් 67 වගන්තිය
මගින් බලය පවරා ඇත.

මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු ඉඩම් සංවර්ධන කටයුතු නියාමනය කිරීමේ අරමුණින් සියලු සංවර්ධන හා බිම්කට්ටි කිරීම් සඳහා අනුමැතිය ලබාදීමට ලියාපදිංචි කරගැනීම සිදුවේ. නිවාස හා නගර සංවර්ධන ආඥා පනත (268 අධිකාරිය) හා ප්‍රාදේශීය සභා පනතේ 154(1) හා 154(2) වගන්ති මගින් මේ සඳහා බලය හිමිවේ.

නිවාස හා නගර සංවර්ධන ආඥා පනත (268 අධිකාරිය) හා 1987 අංක15 ප්‍රාදේශීය සභාපනතේ 47,48 හා49 වගන්තිවලින් පැවරෙන බලතල ප්‍රකාරව මෙම බල ප්‍රදේශයේ සියලු ඉදිකිරීම් පාලනය හා නියාමනය කිරීම සිදුවේ.

1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ 47(1),49(අ) වගන්ති හා 1986.03.10 දිනැති අංක 392/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව යම් ඉදිකිරීමක් වීථිරේඛා සීමාවට අයත් වන/නොවන බව නිශ්චය කිරීම සිදුවේ.

යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුළ පිහිටි ඉඩම් කොටසක් සුරක්ෂිතයක් ලෙස මූල්‍ය ආයතනයකට උකස් කර ණය මුදලක් ලබාගැනීමේදී එම ඉඩම ප්‍රාදේශීය සභාව විසින් පවරා ගැනීමට ලක්කළ හැකි ඉඩමක් නොවන බවට නිකුත් කරන සහතිකය නොපවරවා ගැනීමේ සහතිකයයි. එනම් වරිපණම් බදු නොගෙවීම, වීථිරේඛා සඳහා පවරා ගැනීම සහ පොදු කටයුතු සඳහා යම් දේපළක් පවරා ගැනීමේ බලය ප්‍රාදේශීය සභාවට ඇතත් එසේ කිරීමට යටත් නොවන දේපළක් බවට සහතික කිරීමයි.

  • * ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි කිසියම් සංවර්ධන කාර්යයකට යටත් නොවූ මුළු ඉඩම් සම්බන්ධයෙන් එහි ප්‍රාග්ධන වටිනාකම්න් 2%ක් නොඉක්මවන ප්‍රමාණයකින් යුතු වාර්ෂික බද්දක් අයකිරීමට හැකිවේ.
  • * ඇතැම් ඉඩම් විකිණීම මත විකුණුම් මිලෙන් 1%ක් වන බදු මුදල අවස්ථානුකූලව අයකර ගැනීමට හැකියාව ඇත.

  • * 1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ අංක 106 වගන්තිය
  • * 1980 අංක 47 දරන මධ්‍යම පරිසර අධිකාරි පනත හා සංශෝධන
  • * 2008 ජනවාරි 25 දිනැති 1523/ 16 අති විශේෂ ගැසට් නිවේදනය

යන නීති රීති ප්‍රකාරව බල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා හා ව්‍යාපාර පවත්වාගැනීම ධෛර්යමත් කිරිමටයි. එමෙන්ම පාරිසරික අමාත්‍යවරයාගේ අංක 1159/22 හා 2000.11.22 දිනැති ගැසට් පත්‍රය ප්‍රකාරව සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පිහිටි සියලුම කර්මාන්තශාලා සහ ව්‍යාපාර සඳහා මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය වේ.

යම් ගෘහයකට හෝ ව්‍යාපාරික ස්ථානයකට ප්‍රාදේශීය සභා මාර්ගයක් පළුදු කර නල ජනය ලබාගැනීම සඳහා මාර්ගයේ ස්වභාවය අනුව තාක්ෂණ නිලධාරී නිර්දේශ අනුව අනුමැතිය ලබාගත යුතු වේ.

දියුණු කර ඇති ප්‍රදේශ ලෙස ගැසට් කර ඇති ප්‍රදේශවල සේවාවන් සැපයීම වෙනුවෙන් ප්‍රාදේශීය සභා පනතේ අංක 134(1) හා (2) වගන්ති අනුව තක්සේරු කර ඇති දේපළ මත බද්දක් අයකිරීම සිදුවේ. මේ අනුව පුස්සල්ලාව ප්‍රදේශයේ දේපළවලින් වාර්ෂික තක්සේරු වටිනාකමින් 10% බද්දක් හා අනෙකුත් ප්‍රදේශවල දේපළවලින් වාර්ෂික තක්සේරු වටිනාකමින් 4% බද්දක් අයකර ගැනීම සිදුවේ.

ලිපියක්, වචනයක්, ඉලක්කමක්, සංඥාවක් ,ස්ථානයක්, පුවරුවක්, දැන්වීමක්, උපකරණයක්, පෝස්ටරයක්, අත්පත්‍රිකාවක් යනාදී කවර හෝ ආකාරයේ ප්‍රදර්ශනය කිරීම හෝ , සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රචාරණය අරමුණින් ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක්, ව්‍යූහයකට ඉහලින් එල්ලා තැබීම “දැන්වීම් ප්‍රචාරණය“ යන්නෙන් අදහස් වේ. ප්‍රාදේශීය සභා පනතේ අංක 122 වගන්නිය ප්‍රකාරව මෙම කවර ආකාරයක ප්‍රචාරණයක් සඳහා හෝ ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාගත යුතු වේ.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149-154 දක්වා වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව හා එකී පනතේ 221(අ) වගන්තිය සමඟ කියවෙන 122 හා 126 වන වගන්තිය යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථා ප්‍රකාරව බල ප්‍රදේශයේ වෙළඳ ස්ථාන පවත්වා ගෙන යාම නියාමනය කිරීමට මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබේ. මේ සඳහා ආහාරපාන සම්බන්ධ වෙළඳ ව්‍යාපාර නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂගේ අනුමැතිය හා පාරිසරික කටයුතු සම්බන්ධව නම් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වේ.

ප්‍රාදේශීය සභා පනතේ අංක 119වගන්තිය ප්‍රකාරව වෙළඳ කුටි ඉදිකර සේවයක් ලෙස මහජනයාට බදු පදනම මත ලබාදීමට බලය හිමි වී ඇත.

විනේද බදු ආඥා පනත යටතේ මෙම බදු අයකර ගැනීම පිණිස ප්‍රාදේශීය සභාව වෙත බලය හිමිවී ඇත. මෙම පනත යටතට ගැනෙන මුදල් අයකර පවත්වනු ලබන සන්දර්ශනවලින් 5%කට නොඅඩු හා 25%කට නොවැඩි ප්‍රතිශතයක් අයකර ගැනීමේ හැකියාව පවතී.

සැණකෙලි, සර්කස්, සංගීත සන්දර්ශන, විවිධ ප්‍රසංග, හා මැජික් සන්දර්ශන සහ ක්‍රීඩා , නර්තන, මල්ලව පොර හා පිහිණුම් උළෙල සඳහා බලපත්‍ර ලබාගැනීම මේ යටතේ සිදුකරනු ලබයි. එනම් 1912 අංක 07 දරණ ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත යටතේ චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය යන ගණයන්ට නොවැටෙන ඕනෑම සන්දර්ශනයක් සඳහා මෙම බලපත්‍රය අවශ්‍ය වේ.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතට ගැනෙන සියලුම සත්ත්ව ඝාතකාගාර හා මස් වෙළඳසැල් ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණයට හා පාලනයට යටත් වේ. මස් වෙළඳසැල් වාර්ෂිකව බදු දෙනු ලබන අතර මෙම සභාවේ ඝෝ ඝාතකාගරය ද බදු පදනම මත ලබාදෙනු ලැබේ. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 102 වගන්තිය, ඝෝ ඝාතකාගාර ආඥා පනත , ප්‍රමිතිකරණ අනුනීති සහ 1988.08.23 දිනැති අංක 520/7 දරණ ගැසට් නිවේදනයේ IV කොටසේ 32 වන අනුනීතිය යටතේ මේ සඳහා ප්‍රාදේශීය සභාව වෙත බලය හිමිවේ.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් සඳහා සාමාන්‍ය වශයෙන් දේපළ මත වරිපණම් බද්ද ක්‍රියාත්මකව පැවතියද බල ප්‍රදේශයේ දියුණු කළ ප්‍රදේශවලය ඇතුළත් නොවන නමුත් වගාවන් ආශ්‍රිත හෙක්ටයාරයකට වැඩි දේපළ සම්බන්ධව වාර්ෂික බද්දක් වශයෙන් පනවා අය කළ යුතු බද්ද අක්කර බදු වශයෙන් සැලකේ.

යාවත්කාලීන කරමින් පවතී...

යාවත්කාලීන කරමින් පවතී...