preloader

තොරතුරු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

2016 අංක 12 දරණ තොරුතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ බලතල ප්‍රකාරව උඩපළාත ප්‍රාදේශීය සභාවෙන් යම් තොරතුරක් ලබාගැනීම සඳහා, තොරතුරු දැනගැනීමේ අයදුම්පත (RTI 01 පොරමය) මගින් පහත තොරතුරු නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය. (මෙම ආකෘති පත්‍රය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන අතර අවශ්‍ය තොරතුරු සඳහන් කෙරෙන ඕනෑම ලිඛිත ලිපියක්, විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කරන ලිපියක් හෝ වාචික ඉල්ලීමක් ඉහත පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රමාණවත් වේ).

උඩපළාත ප්‍රාදේශීය සභාවේ තොරතුරු ලබාදීම සඳහා නම් කළ නිලධාරි පිළිබඳ විස්තර

නම - එස්. එම්. කේ. ජී. එස්. සුභසිංහ මිය

තනතුර - ලේකම්

දුරකථන - 0812352218 / 0812354796

විද්‍යුත් තැපෑල -
info@udapalatha.ps.gov.lk
udapalathapradeshiyasabha@gmail.com

උඩපළාත ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරි පිළිබඳ විස්තර

නම - කේ.ජී.ශ්‍යාමා ලක්මාලි මිය

තනතුර - තොරතුරු නිලධාරි

දුරකථන - 0812352218

විද්‍යුත් තැපෑල -
info@udapalatha.ps.gov.lk
udapalathapradeshiyasabha@gmail.com